728x90 AdSpace

නවතම පුවත්

May 11, 2014

ශ්‍රී ලංකාවෙන් අවි මිල දී ගන්නා බවට පළ වී ඇති වාර්තා

 ශ්‍රී ලංකාවෙන් අවි මිල දී ගන්නා බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීනි තලතා අතුකෝරල පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් යොමු කර ඇත.

තම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම ඉන්දියාවේ මහමැතිවරණයෙන් පසුව සිදු කරන බව ආණ්ඩු පක්ෂය පවසන බවයි මන්ත්‍රීවරිය බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ.

සබැඳි යොමු
ඉන්දු-ලංකා වෙළෙඳාම දෙගුණ කිරීමට එකඟවෙති
සබැඳි තේමා
කාලීන පුවත් , ශ්‍රී ලංකාව
ඉහත කී කාරණයට අදාළ ප්‍රශ්නය සභාගත කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී බවත් තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පවසන්නීය.

“ලංකාව ඉන්දියාව අවි මිලට ගන්නා රටක් හැටියට සඳහන් වී තිබුණා. මට අවශ්‍ය කරන්නේ එම ගනුදෙනුව සිදු කෙරුණ ආකාරය දැන ගැනීමයි. ඒ සඳහා ලද මුදල් තැන්පත් කෙරුණ ගිණුම කුමක්ද, ලද මුදල් ප්‍රමාණය කොපමණද, මෙය රජයන් අතර ඇති වූ ගනුදෙනුවක් ද, සමාගම් අතර ගනුදෙනුවක් ද යන කරුණුයි මට දැන ගැනීමට අවශ්‍ය කරන්නේ” මන්ත්‍රීනි තලතා අතුකෝරල බීබීසියට ප්‍රකාශ කළාය.
 ශ්‍රී ලංකාවෙන් අවි මිල දී ගන්නා බවට පළ වී ඇති වාර්තා
  • මාතෘකාව : ශ්‍රී ලංකාවෙන් අවි මිල දී ගන්නා බවට පළ වී ඇති වාර්තා
  • කතෘ :
  • දිනය : Sunday, May 11, 2014
  • පුවත් කාණ්ඩය :
මිලග පුවත
This is the most recent post.
Older Post
  • බ්ලගර් වලින් අදහස් දක්වන්න
  • මුහුණු පෙතින් අදහස් දක්වන්න

0 comments:

Post a Comment

Top